රාජිතගේ ඇප නියෝගය මහාධිකරණය විසින් අවලංගු කෙරේ

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න වෙත ලබා දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කර තිබේ.

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගෙන, එසේ පැහැරගත් පුද්ගලයින් කිඹුලන් සිටිනා වැව් වලට දැමීම සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදීයි. එම සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය දෝෂ සහිත බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද (13) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගැනීම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කළ යුතු බවට මහාධිකරණය තීන්දු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *