ඊයේ (07) හම්බන්තොට මුහුදු තීරයේදී හෙරොයින් පාර්සල් 300ක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි ඔහු කියා සිටියේ.
එක් පාර්සලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් පමණ ඇති බවට සැක කරන බවත්, එහි මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 300ක් පමණ වන බවත් ඔහු පැවසීය.
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් තොගය සමඟ ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩා ඩිංගි යාත්‍රාවක සිටි තවත් සැකකරුවන් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන යාමට උත්සාහ කිරීමේදී වෙරළේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය.
එම යාත්‍රා ගාලු වරායට ප්‍රවාහනය කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව කපිතාන් ඉන්දික ද සිල්වා වැඩිදුරටත් පැවසීය.


