ශ්‍රී ලංකාව තරඟාවලියෙන් ඉවත්මීට හේතු මහේල හෙළි කරයි.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතින් වැරදි කිහිපයක් සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන පවසයි.

සඳුදා (07) දිවයිනට පැමිණි පසු මාධ්‍යවේදීන් අමතමින් ජයවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකාව ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියර සඳහා සුදුසුකම් ලබා නොගැනීම කණගාටුවට කරුණක් බවයි.

“සමහර තරගවලදී අපි හොඳින් ක්‍රීඩා කළත් සමහර තීරණාත්මක තරගවලදී දස්කම් දැක්වීමට අපොහොසත් වුණා වගේම වැරදි සිදු වුණා. ක්‍රිකට් ක්‍රීඩකයන් මේ ගැන දන්නවා” යැයි ඔහු පැවසීය.

මහේල ජයවර්ධන වැඩිදුරටත් පැවසුවේ ජාතික කණ්ඩායමට දැන් අවශ්‍ය වන්නේ තමන්ගේ වැරදි හදාගෙන ඒවායින් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු බවයි.

ඔස්ට්‍රේලියානු තත්ත්වයන්ට හැඩගැසීමේදී කණ්ඩායමට දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදුවූ බවත් එය ඔවුන්ගේ දක්‍ෂතාවලට ද බලපෑමක් එල්ල කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *