Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්පාඩු ලබන රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමේ මෙහෙයුම අරඹයි: ප්‍රධාන රාජ්‍ය ආයතන 51ක ලාභය රුපියල් බිලියන 259 පනීනව තරග වාර්තා 30ක් බිඳදමමින් 36 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල නිමාවෙයි: ගම්පහ සහ මහනුවර සමස්ත සම ශූරතාව දිනාගනී
ප්‍රවෘත්ති

නාවික හමුදාව හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ සැකකරුවන් 10ක් ඒකාබද්ධ මෙහෙයුමකදී අල්ලා ගනී.

නාවික හමුදාව හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ සැකකරුවන් 10ක් ඒකාබද්ධ මෙහෙයුමකදී අල්ලා ගනී.

ඊයේ (07) හම්බන්තොට මුහුදු තීරයේදී හෙරොයින් පාර්සල් 300ක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි ඔහු කියා සිටියේ.

එක් පාර්සලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් පමණ ඇති බවට සැක කරන බවත්, එහි මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 300ක් පමණ වන බවත් ඔහු පැවසීය.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් තොගය සමඟ ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩා ඩිංගි යාත්‍රාවක සිටි තවත් සැකකරුවන් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන යාමට උත්සාහ කිරීමේදී වෙරළේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය.

එම යාත්‍රා ගාලු වරායට ප්‍රවාහනය කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව කපිතාන් ඉන්දික ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *