Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නව කොවිඩ් ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න

නව කොවිඩ් ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න

මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇති මෙම නව ප්‍රභේදයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් බවය.

ඒ් අනුව කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරට පළමු කොවිඩ් රැල්ලට හා දෙවැනි රැල්ලට සාපේක්ෂව සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට මත පළවී ඇති අතර මීට පෙර මෙරටින් හඳුනාගැණුනු ප්‍රභේදය මෙන් නොව නව වෛරස් ප්‍රභේදය වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇතැයි විශේෂඥයින් පෙන්වා දෙයි.

නව වෛරසය අසාදනය වූ පුද්ගලයෙකු මුඛ ආවරණයක් නොමැතිව තමන් සිටින පරිසරයට මුදාහරින වෛරස් ප්‍රමාණය පැය එකහමාරක් පමණ එහි පවතින බවත් අදාළ කාලය තුළ එම පරිසරයට මුඛ ආවරණයක් නොපැළඳ පැමිණෙන පුද්ගලයෙකුට එම කාලය තුළ වෛරසය ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නේ,

“ලෝක සෞඛ්‍ය සංවිධාන සහ වෙනත් පර්යේෂණ ආයතනවලින් ඔප්පු කරලා තියෙනවා වාතයෙනුන් බෝ වෙනවා කියලා. මේ වාතයේ වෛරසය පැය එකහාමාරක් විතර තියෙන්න පුළුවන්. ඒ නිසා මාක්ස් දැමීම ඉතාම වැදගත්.” යනුවෙනි.

එමෙන්ම, මීට පෙර පැවති කොවිඩ් වෛරස් ප්‍රභේද එක් අයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට ආසාදනය වුවද, නව ප්‍රභේද එක් අයෙකුගෙන් අවම වශයෙන් තවත් පස් දෙනෙකුට පමණ ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බවට හඳුනාගෙන තිබේ.

මීට පෙර පැවති කොවිඩ් ප්‍රභේද ආසාදනය වූ විට උණ, කැස්ස, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඊට දින කිහිපයකට පසු පෙනහළුවලට ආසාදනය වීම සිදු විය.

නමුත් සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ, නව ප්‍රභේද ආසාදනය වී ඇති බොහෝ පිරිසකගේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ, ඔවුන් නිව්මෝනියා තත්ත්වයට ගොදුරුවීමෙන් පසුව බවය.

එමෙන්ම තරුණ පිරිසට ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බවට මේ වනවිට හඳුනාගෙන ඇති නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයේ පැතිර ගිය ප්‍රභේදයට සමානකමක් දක්වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *