ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI) විසින් දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම් අද(16) පෙරවරු 10.00 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහාද පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශද පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමක් යටතට පත් කර තිබේ.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව නායයෑම්, ගල් පෙරළීම්, පොළොවේ හෝ ගොඩනැගිලිවල බිම් සහ බිත්තිවල ඉරිතැලීම් මෙන්ම ගස් කඩා වැටීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස NBRI දැනුම් දෙයි.
යම් ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බවට ලකුණු පෙනී ගියහොත් වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද ජනතාවට උපදෙස් ලබාදී තිබේ.


