Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්
ප්‍රවෘත්ති

“දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු ඇඟවීම්”: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

“දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු ඇඟවීම්”: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI) විසින් දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම් අද(16) පෙරවරු 10.00 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහාද පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශද පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමක් යටතට පත් කර තිබේ.

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව නායයෑම්, ගල් පෙරළීම්, පොළොවේ හෝ ගොඩනැගිලිවල බිම් සහ බිත්තිවල ඉරිතැලීම් මෙන්ම ගස් කඩා වැටීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස NBRI දැනුම් දෙයි.

යම් ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බවට ලකුණු පෙනී ගියහොත් වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *