ජල විදුලි නිෂ්පාදනය පහත වැටුණත් අඛණ්ඩව විදුලිය ලබා දෙනවා – මහින්ද අමරවීර

දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශ වල ජල මට්ටම පහත වැටී ඇති බැවින් විදුලිය නිෂ්පාදනයට එල්ල වී ඇති බලපෑම නිසා ජල විදුලි නිෂ්පාදනය 23.1% දක්වා පහත බැස තිබෙන බවට විදුලිබල හා බලශක්ති අමාත්යාංශය පවසයි. මෙම හේතුව නිසා මෙරට විදුලි නිෂ්පාදනයෙන් 74% ක් ගල් අඟුරු සහ ඩීසල් තාප බලාගාර ආශ්රිතව නිපදවීමට සිදුව ඇති බව ද එම අමාත්යාංශය සඳහන් කළා. එලෙස විදුලිය උත්පාදනය කිරීම සඳහා මිල අධික වුවත් අඛණ්ඩව ජනතාවට විදුලිය ලබා දීමට පියවර ගෙන ඇති බවයි අමාත්ය මහින්ද අමරවීර ප්රකාශ කළේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්යවරයා සඳහන් කළා.
