Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාර වෙයි

ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාර වෙයි

අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට භාර වී ඇති බව වාර්තාවේ.

නිතිඥ සෙනරත් ජයසුන්දර මහතා මගින් අදාල ලේකම්වරිය අද දහවල් විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආධිත්‍යය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් විය.

එහිදී ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා විසින් අධිකරණයට දන්වා සිටියේ අධිකරණය විසින් ඉල්ලා සිටින ලේඛන සියල්ල භාරදීමට තම සේවාදායකාව සූදානම් බවයි.

ඒ අනුව අදාළ ලේඛන සියල්ල හෙට (12) දින තුළ රහස් පොලිසිය වෙත බාර දෙන්නයි කොමිසමේ ලේකම්වරියට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඇය වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන බවද නියෝග කළේය.

සාමාන්‍ය වරෙන්තු කළ පුද්ගලයෙකුට අදාළ වරෙන්තුව ආපසු කැඳවීමේ දී බැඳුම්කරයක් නියම කරනු ලැබුවත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට තිබෙන ගරුත්වය සහ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් වීම සැලකිල්ලට ගෙන එවැනි බැඳුම්කරයක් නියම නොකරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *