ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවේ කයිරෝ නුවරට ළඟා වූ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවිය.
ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා මහලේකම්වරයා දැනුවත් කළේය.
මහලේකම්වරයා 1978 වසරේ සිය පළමු ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මතකයන් සිහිපත් කළේය.
එක්සත් ජාතීන්ගේ COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා 06 පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ඔහු සමඟ පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.