චීන සමාගමකින් මුල්ලේරියාව රෝහලට PCR යන්ත්රයක්

මුල්ලේරියාව රෝහලට චීන සමාගමක් විසින් පී. සී. ආර්. යන්ත්රයක් ප්රදානය කර තිබේ.
BGI Genomics සමාගම විසින් මෙම ප්රදානය සිදුකර ඇති අතර රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ප්රියන්ත කරුණාරත්න මහතා පවසන්නේ මේ වන විට මුල්ලේරියාව රෝහල සතුව පී. සී. ආර්. යන්ත්ර තුනක් පවතින බවයි. එමෙන්ම මේ වනවිට දිනකට සිදු කරන පී. සී. ආර්. පරීක්ෂණ 1500ක ප්රමාණය නව යන්ත්රයත් සමග 2500ක්දක්වා වැඩි කිරීමට හැකි වන බව ඒ මහතා පවසයි.
