හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීශ්වර ලෙනින් බණ්ඩාර මහතා ජනාධිපති වැය ශීර්ෂය යටතේ වෙන් කළ මුදල් අපරාධමය ලෙස අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
ඒ අනුව, ඔහු අගෝස්තු 12 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


