“ගමට ගෙයක් – රටට හෙටක්” තේමාව යටතේ නිවාස 14,022 ඉදිකිරීම අදින් ඇරඹේ

“ගමට ගෙයක් – රටට හෙටක්” තේමාව යටතේ ක්රියාවත්මක වන ජාතික නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ සමාරම්භක උත්වසවය අද (01) උදෑසන අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් කුරුණෑගල ගිරිබාවේ දී ආරම්භ විය.
ඒ අනුව දින 60කින් ග්රාම නිලධාරී වසම් 14,022ක් ආවරණය වන සේ නිවාස 14,022ක් ඉදිකිරීම මෙමඟින් සිදුකරන අතර එහි පළමු නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අග්රාමාත්යවරයා අතින් අද සිදු කෙරුණි.
අග්රාමාත්යවරයාගේ මාර්ගෝපදේශකත්වය යටතේ, අඩු අදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවට විසඳුම් ලබාදීම ව්යාපෘතියේ මූලික අරමුණයි.
