වුහාන් සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ආ ශ්‍රී ලන්කන් විරුවෝ

කොරෝනා වෛරසය පැතිරීයාම ආරම්භ වූ හා විශාල වශයෙන් ව්‍යාප්තව තිබෙන ප්‍රදේශය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගෙන ඒමේ වගකිවයුතු කාර්යභාරය පැවරුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-1423 ගුවන් යානය හා එහි කාර්ය මණ්ඩලයට සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේම ගෞරවය හිමි විය යුතුය. තවත් විශේෂ කරුණක් වන්නේ වුහාන් නගරයෙන් තම තමන්ගේ රට වලට අයත් ජනයා නැවත ගෙන්වා ගැනීමට කටයුතු කළ තෙවැනි රට ලෙස ශ්‍රී ලංකාව පත්වීමයි. එම කරතව්‍යයට උර දුන් ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සුවිශේෂ ඇඳුම් වලින් සැරසි සිටියා.

මෙම විශේෂ ගුවන් යානයේ ගුවන් නියමුවන් ලෙස චමින්ද සොයිසා සහ අනුෂ්ක ජිවන්ද්‍ර කටයුතු කරනු ලැබුවා. ගුවන් සේවක කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ෆර්හාන් හනිෆා කටයුතු කරනු ලැබූ අතර ගුවන් යානා ඉංජිනේරුවන් ලෙස ලිලන්ත පත්බේරිය සහ රුමේෂ් පතිරාජ කටයුතු කරනු ලැබුවා.

තම ජීවිත අවදානම නොතකා එම කාර්යභාරය මැනවින් ඉටුකළ ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඡායාරූප කිහිපයක් මේ වනවිට නිකුත් වී තිබෙනවා. මේ ඉන් ඡායාරූප කිහිපයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *