මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.
සීගිරිය, පොළොන්නරුව, ගාල්ල, කතරගම, සහ මහනුවර පිහිටුවා ඇති කෞතුකාගාර ඒ අනුව වසා දැමෙනු ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරන්නේ රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම තීරණය ගත් බවයි.