Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොවිඩ් වයිරසය වාතය මගින් සීග්‍රයෙන් පැතිරේ – ජාත්‍යන්තර පරීක්ෂණයකින් තහවුරුයි

කොවිඩ් වයිරසය වාතය මගින් සීග්‍රයෙන් පැතිරේ – ජාත්‍යන්තර පරීක්ෂණයකින් තහවුරුයි

කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වයිරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇති බව වාර්ථා වේ.

බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් (Lancet fournal) වෛද්‍ය සඟරාව පසුගියදා මෙම අධ්‍යයන වාර්තා ප්‍රකාශයට පත් කර තිබිණි.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රවීණ පර්‌යේෂකයන් කණ්ඩායමක් අදාළ අධ්‍යයනයන් සිදු කර ඇත අතර මීට පෙර පසුගිය වසරේ (2020) ජුලි මාසයේ දීද රටවල් 32ක විද්‍යාඥයන් 200කට අධික පිරිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට විශේෂ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වයිරසය කුඩා අංශු ලෙස වාතය මගින් සම්ප්‍රේෂණය වී මිනිසුන්ට ආසාදනය විය හැකි බවයි.

මෙම අධ්‍යයන වාර්තාවල උදාහරණ රැසක් පෙන්වා දී ඇති අතර විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ‘ස්කනිට් කොයාර්’ (Skagit choir) සිදුවීමේ ආරම්භය සිදුව ඇත්තේ එක් ආසාදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 53 දෙනකුට ඉතා සීග්‍රයෙන් වයිරසය ව්‍යාප්ත වීමෙන් බව අනාවරණය කර තිබේ. මෙම තත්ත්වය මත ගෘතස්ථ, වාතය සංසරණය වීම අඩු ස්ථානවල වයිරසය පහසුවෙන් ව්‍යාප්ත වන බව තහවුරු කර තිබේ. එම නිසා කැස්ස හෝ කිවිසුම් රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවත් ලොව පුරා දැන් නැවතත් මහා පරිමාණයෙන් ආසාදිතයන් වාර්තා වීමට මෙම නිහඬ සම්ප්‍රේෂණය ඉවහල් වී ඇති බවත් අනාවරණය වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *