කොවිඩ් රෝගීන් වාර්තා වීම නිසා ගම්පොල ප්රදේශයක් වසා දමයි

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු වාර්තා වීමත් සමගම ගම්පොල ගොනටුවල ග්රාම සේවා වසම සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ. මෙම ග්රාම සේවා වසමට ගම්මාන හයක් ඇතුළත් වන අතර මේ වන විට එම ප්රදේශයෙන් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබෙන බවත් එහි සෞඛ්ය වෛද්ය නිලධාරියා සඳහන් කර සිටී.
