කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ඇමෙරිකාවෙන් නිපදවූ එන්නත 95%කින් සාර්ථකයි

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ඇමෙරිකාවේදි අත්හදාබැලූ එන්නතක් 95% කින් පමණ සාර්ථක බව එම එන්නත නිපදවූ මෝඩනා නම් ජෛව තාක්‍ෂණ සමාගම පවසයි.

එම සමාගම විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ එන්නත අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරි සති කිහිපය තුළ දී ඉදිරිපත් කරන බවයි.

මේ අතර බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් ද එන්නතක් නිපදවා ඇති අතර, පර්යේෂකයන් සදහන් කරන්නේ එම එන්නත මිනිසුන්ට වැළඳෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක ජාන වෙනස් කිරීමෙන් නිපදවා ඇති බවයි.

මේ වන විටත් බ්‍රිතාන්‍යයෙන් තෝරාගත් 6,000ක පමණ පිරිසකට එන්නත ලබාදීම දැනටමත් ආරම්භකර ඇති අතර මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන පිරිසක් තෝරාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *