2021ට ආනයන අඩු අපනයන වැඩි අයවැයක්

රටේ පවතින අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි අයවැයක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ව්‍යාපාර සංවර්ධන හා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියි.

අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ මෙරට ආර්ථික වර්ධනය, ආයෝජන, සංවර්ධන හා ජන ජීවිතය මුල්කර ගනිමින් අයවැය ලේඛණය ඉදිරිපත් කරන බවත් අපනයන වර්ධනය කරගනිමින්, ආනයන සීමා කෙරෙන අරමුණින් අයවැය ලේඛණය සකස් කර ඇති බවයි.

වාර්තා වන අන්දමට මෙරටට වාහන ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා ඇතත් ව්‍යාපාරික ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය වාහන ගෙන්වීමට අවසර ලබා දීමට අද ඉදිරිපත් කෙරෙන අයවැයෙන් කටයුතු කෙරනු ඇති බවටයි වාර්තා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *