ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තවත් අයෙක් අල්ලයි

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත  නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එම වෙඩි තැබීම සදහා යොදා ගත් උණ්ඩවල කේපීඅයි KPI ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැදී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වෙළද සැලක අත් උදව්කරුවකු ලෙස කටයුතු කල අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *