Armed police security for election commission members who received threats

තිස්ස ජාජබ පෙලපාළිය විසුරුවයි

තිස්සමහාරාම දෙබරවැව  ප්‍රදේශයේ   නිවෙස්වලට  අත් පත්‍රිකා බෙදා හැරීමට  පෙළපාළියේ  ගමන් ගත් බව කියන  ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක්    විසුරුවා හැරි බව තිස්සමහාරාම  පොලිසිය පවසයි.

මැතිවරණ නීතිය අනුව නිවෙස්වලට අත්පත්‍රිකා බෙදා හැරීමට යා හැක්කේ ආධාරකරුවන් පස් දෙනකුට පමණි.

ජනාධිපති අපේක්ෂක  ප්‍රේමසිරි මානගේ මහතා   කළ දැනුම්දීමක් අනුව  තිස්සමහාරාම  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි කුඩාගොඩගේ  මහතා  වහා ක්‍රියාත්මකවී  ඒ මොහොතේම  එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය.

උපරිම වශයෙන් පස් දෙනකු බැගින් ගෙයින් ගෙට යන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී එම ජාතික ජන බලවේග ආධාරකරුවන්ට   උපදෙස්දී ඇත.
මේ අතර ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදාහැරීමට පස් දෙනකු බැගින් පමණක් යන ලෙසට දුන් නියෝග ඇතැම් දේශපාලන පක්ෂ දිගින් දිගටම කඩ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අනුව වහා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *