Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කම්කරු දිනය අදයි

කම්කරු දිනය අදයි

පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමිනි. ඒ ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය යි.

ඒ 1886 අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවක් හේතුවෙනි. පසුව එම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය. එදා සටන් පාඨ කියමින් එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික සුවහසක් කම්කරු ජනතාවගේ රුධිරය මතින් මැයි 01 දින ජාත්‍යන්තර කම්කරු දිනය බවට පත් වුයේ එලෙසිනි.

ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමග එක්සත්ව පෙළ ගැසුණේ, එලෙස තම අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. ඒ අනුව, ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දී ය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන්  අවසන් විය.

1947 පමණ වනවිට මෙරට කම්කරු අරගල උත්සන්න විය. එහි දී වැඩ වර්ජනයක් සිදු වූයෙන් එහි දී සිය නිවෙස් වෙත ගිය බොහෝ දෙනා පසුව කම්කරු නායකයන් බවට පත්වූහ. 1956 දී අගමැති බණ්ඩාරනායකයන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පිලිප් ගුණවර්ධනයන්ගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණ රජයේ මැයි දිනය රතුපාටින් හා නිල් පාටින් පැවැත්විය.

එසේම ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වූයේ බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙනි. ඒ වන විට කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කළේ ටී. බී. ඉලංගරත්න මහතාය. අනතුරුව 1956 දී මැයි 01 දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.

මේ අතර පසුගිය අප්‍රේල් මස 21 වන දින මෙරට සිදුවු ඛේදජනක සිදුවීමත් සමඟ ගියවර මැයි දින පෙළපාලි නොපැවැත්වීමට මෙරට දේශපාලන පක්ෂ හා සංවිධාන පියවර ගනු දක්නට ලැබිණ. එය එසේ වුව ද, ගෝලීය වසංගතයක් ව පවතින කොරෝනා බලපෑම හමුවේ ලොව සියලු රටවල් ඊට මුහුණ දෙමින් සිටින බැරෑරුම් අවස්ථාවක් උද්ගත ව ඇති මෙවන් මොහොතක දී මෙම වසරේ දීත් මැයි දින සැමරුම් නොපැවැත්වීමට කටයුතු යෙදී ඇත.

ශ්‍රී ලංකාවේ ද එකී ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසයේ බලපෑම තුන්වන අදියර දක්වා පැතිර යමින් වර්තමාන ජනජීවිතය අඩාල කිරීමට පෙරට වඩා සමත් ව ඇත. මෙරට රාජ්‍ය යාන්ත්‍රණය යම් මට්ටමකට පවත්වාගනිමින් වෛරසය මර්දනය කිරීම සහ ඉන් රෝගී වූ පුද්ගලයින් සුව කිරීමටත්, ඇතැමුන් නිරෝධායනයට ලක් කිරීමටත් කටයුතු කරමින් සිටින කාල වකවානුවක මැයි දිනය වෙනුවෙන් පාගමන් යාම වෙනුවට මෙරට ජනතාව සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට සිදු ව තිබේ.

කෙසේ වුව ද, රටක වැඩි බර අදිනුයේ කම්කරුවන් බව කිසිසේත්ම අමතක කර දැමිය නොහැක. ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ දී ත් ඉන් අනතුරුව අනාගතයේ දීත් අනේක කැප කිරීම් සිදු කරන කම්කරුවන්ගේ කර මතින් රට ඉදිරියට ගමන් කරනු ඇත. සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යනාදී වශයෙන් පංච පුද්ගල බලවේගයන් ශ්‍රී ලංකාවේ විශාල බලකණු ලෙස තම දායකත්වය මෙරට ඉතිහාසය පුරාවට ලබා දී ඇත.

එකී ශක්තිමත් බලකණු මතින් ඉදිරියට යන ශ්‍රී ලංකාව පවත්නා තත්ත්වය හමුවේ කම්කරු දිනය සැමරීම මෙම වසරේ දී ද නොපැවත්වුව ද ඔවුන්ගේ කාර්යය කිසි දා අමතක කර පසෙකට විසි කර දැමිය නොහැක.
අප අද භුක්ති විඳින අයිතිවාසිකම් හා ගරුත්වයන් වෙනුවෙන් මිනිසුන් සටන් කළ බව ඉතිහාසය අපට උගන්වයි. එසේ සටන් කර දිනා නොගන්නට අපගේ වත්මන් තත්වයන් නොවෙනස්ව එලෙසම පවතිනු ඇතැයි සැළකිය නොහැකි බව අපට වටහා ගත හැකි විය යුතුය.

එහෙත් වර්තමානය වන විට කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කම්කරු දිනය වර්තමානයේ  මූලික වටිනාකම් කෙරෙහි අවධානය බොහෝ දෙනෙකු වෙතින් ගිලිහී  ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *