Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඖෂධ හිඟයක් ගැන කථාවක්

ඖෂධ හිඟයක් ගැන කථාවක්

මේ වසරට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන රුපියල් බිලියන විස්සක මුදලින් තවමත් වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන හයක මුදලක් පමණක් බවත් මේ වන විට ඖෂධ තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක හිඟයක් නිර්මාණය වෙමින්  තිබෙන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

වර්ෂයේ පළමු මාස තුනට තොග මිලට ඖෂධ මිලදීගැනීම් නිසි ලෙස සිදුකර නොමැති බවත් මේ නිසා සිල්ලර මිලට මිලදී ගැනීම අවස්ථා හත්සිය විස්සක්පමණ සිදුකර තිබෙන බවට වාර්තා වන බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.

පිළිකා ඖෂධ, හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන ඖෂධ, කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධ ඇතුළු සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක් ක්‍රමයක් ක්‍රමයෙන් හිඟ වෙමින් තිබෙන බවත් මේ  නිසා සාමාන්‍ය මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවද පැවසීය.

සාමාන්‍ය තොග මිලට මිලදී ගැනීම වෙනුවට සිල්ලර මිලට ප්‍රාදේශීයව ඖෂධ මිලදී ගැනීමෙන් විශාල මුදල් අවභාවිතාවක් හා අධික මුදලක් වැය වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේදීඖෂධ තොග සැපයු සැපයුම්කරුවන්ට විශාල මුදලක් ගෙවීමට තිබෙන බවත් මේ ආකාරයට මුදල් ගෙවීම පැහැර හැරීම නිසා ඖෂධ තොග සැපයීම්කටයුතුවලට බාධා සිදුව තිබෙන බවත් මේ නිසා ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බවද පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *