Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

තිබ්බේ නැති පළාත් පාලන මැතිවරණයට රු.මි. 655ක් වැය කරලා?

තිබ්බේ නැති පළාත් පාලන මැතිවරණයට රු.මි. 655ක් වැය කරලා?

2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට  තිබූ පළාත් පාලන  මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ වියදම් ලෙස  රු.655,096,226ක් මැතිවරණ කොමිසන් සභාව විසින් වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජූලි මස 22 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

2023 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වැනි දා වන විට රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ තිස් තුන් දහස් හාරසීය හැත්තෑ 02 ක මුදලක් (15,933,472) තවදුරටත් ගෙවිය යුතු වියදම් ලෙස පැවති බව  එම විගණන වාර්තාවේ සඳහන් වේ. මැතිවරණ වියදමින් 15% ක් අතිකාල  හා නිවාඩු දින වැටුප් සඳහා ද, 23% ක් ලිපි ද්‍රව්‍ය  මිලදී ගැනීමට ද, 7% ක්  ඉන්ධන සඳහා ද, 31% ක් මුද්‍රණ  කටයුතු සඳහා ද, 7%ක්  සංග්‍රහ කටයුතු දීමනා සඳහා ද, 4% ක් පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහාද වියදම් කොට අැත.

අනෙකුත් කටයුතු සඳහා 13% ක් වැය කොට ඇත. පළාත් පාලන ආයතනවල ධුර කාලය 2023 මාර්තු මස 19 වැනි දිනෙන් අවසන් වූ අතර අදාළ නාම යෝජනා දැන්වීම 2023 ජනවාරි මස 04 වැනි දින ප්‍රදර්ශනය කර තිබූ බව විගණනය මගින්  අනාවරණය කර තිබිණ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *