Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඔස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 41 දෙනෙකු දිවයිනට…

ඔස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 41 දෙනෙකු දිවයිනට…

නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් අද පිටුවහල් කළ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන බලධාරීන් වාර්තා කරයි.

මව්බිමට අනුව නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ඇතුළු වූ පිරිස ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් රඳවා තබා ගැනීමෙන් පසු ක්‍රිස්ට්මන් දූපතේ තැන්පත් කර ඇති අතර විශේෂ ගුවන් යානයකින් ඔවුන් අද ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

ASY – 013 ඔස්ට්‍රේලියානු ගුවන් යානයෙන් පිටුවහල් කළ පිරිස අද පෙරවරු 09.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

පිටුවහල් කළ පිරිස යාපනය සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් බහුතරයකින් සමන්විත වන අතර ඔවුන් බහුදින ධීවර යාත්‍රාවකින් ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් සමඟින් පිටුවහල් කරන ලද පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙක් ගුවන් තොටුපළට පැමිණ සිටියහ.

එම පිරිස සමඟ පැමිණි ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් වෙත භාර දෙන ලදී.

රාජ්‍ය බුද්ධි අංශය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ට භාර දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *