සීනි මිල උච්චාවචනය පිළිබඳ වාර්තාවක් ඉල්ලයි.

දේශීය වෙළඳපොලේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් සම්පාදනය කරන ලෙස වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

මුදල් අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරයේ මිල පහත වැටී ඇති අවස්ථාවක සීනි සඳහා මිල වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවයි.

තිරිඟු පිටි සඳහා පනවා ඇති නව බද්ද හේතුවෙන් තිරිඟු පිටි මිල ද ඉහළ යා නොහැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13% කින් පහත වැටී ඇති බව පවසන ඔහු තිරිඟු පිටි මිල ලෝක වෙළඳපොලේ 15% කින් පහත වැටී ඇති බැවින් මිල වැඩි කිරීමක් සිදු කළ නොහැකි බව පැවසීය.

බිත්තර ආනයනය පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා අනාවරණය කළේ 2023 පෙබරවාරි 13 වැනිදා සිට මේ දක්වා බිත්තර කිලෝ 277,360ක් ආනයනය කර ඇති බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (මැයි 09) පාර්ලිමේන්තුව අමතමින් මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *