Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඉන්ධන බෙදා හැරීම පුළුල් කිරීමට සූදානම් වෙයි.

ඉන්ධන බෙදා හැරීම පුළුල් කිරීමට සූදානම් වෙයි.

නුදුරේදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඉන්ධන බෙදා හැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති Sinopec සමූහ ව්‍යාපාරයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.

Sinopec සමූහයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා ආයෝජනය කිරීමට ඔවුන්ගේ සූදානම තහවුරු කළහ.

නියෝජිතයින් ශ්‍රී ලංකා රජයට දන්වා සිටියේ තම සංවිධානය පවතින ක්‍රමයට අනුගතව සිටින බවත් ඒ අනුව අයදුම් කර ඇති බවත්ය. රජය විසින් මධ්‍යම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීම සඳහා පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ඔවුන් සූදානම් බව වැඩිදුරටත් දන්වා තිබේ.

තවද, රටේ අභිලාෂයන් සමඟ පෙළගැසෙන අනාගත ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට තම සමාගම සූදානම් බව නියෝජිතයින් ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔවුන් ජනාධිපතිවරයා වෙත සිය යෝජනාවද ඉදිරිපත් කළා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.

ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක වන පරිදි විදේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට සහ ආකර්ෂණය කර ගැනීමට තම අභිලාෂය ද ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. මාපා පතිරණ සහ රාජ්‍ය නිලධාරීන් සහ සිනොපෙක් සමූහ ව්‍යාපාරයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *