මුදල් අමාත්‍යාංශයේ සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් තෙවන පාර්ශවයකට පැවරීම සම්බන්ධයෙන් CID පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
සිද්ධියට වගකිව යුතු බවට ඔප්පු වුවහොත් රජය ඕනෑම අයෙකු නීතිය හමුවට පමුණුවන බව අමාත්‍යවරයා පැවසීය.


