Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඇමති බැසිල්ට එරෙහිව ඇමරිකාවෙන් මුල්‍ය විශුද්ධිකරණ හා යුද අපරාධ චෝදනා..

ඇමති බැසිල්ට එරෙහිව ඇමරිකාවෙන් මුල්‍ය විශුද්ධිකරණ හා යුද අපරාධ චෝදනා..

තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බලපෑවේ “ මුළු රටම හරි මගට” වැඩසටහන නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඇමරිකාවේ නිව්පෝට්‍රස් එනජි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර එල් එන් ජී සැපයුම සම්බන්ධයෙන් වන ගිවිසුමේ දී එම සමාගමට ඒ සඳහා බලපත්‍රයක් බලශක්ති අමාත්‍යවරයා විසින් නිකුත් කළ යුතු බවත් තමන් බලශක්ති අමාත්‍ය ධූරයේ සිටින තාක් එම බලපත්‍රයට අත්සන් නොතබන බැවින් තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එය ප්‍රබලව බලපෑ බව හිටපු බලශක්ති අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

පසුගිය සදුදා දින (28) විකාශය වූ හිරු සළකුණ වැඩසටහන හා එක් වෙමින් ඔහු මේ අදහස් දැක්වීය.

1955 පටන්ගෙන 1977 වසරේ සිට තීවුර කළ ණයට කෑමේ සංස්කෘතිය රට අද මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව බව පැහැදිලි කළ නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ රජය එය කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබියදී ඒ සඳහා ගත යුතු පියවර නොගෙන අර්බුදය තවදුරටත් තීවුර වීමට ඉඩ හැරිය බවට චෝදනා කළේය.

මෙහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ඇමරිකාවේ එල්ලවී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නම් ගම් සහිත විශේෂ හෙලිදරව්වක් ද සිදු කලේය.

පසුගිය ජනාධිපතිවරණයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥයන් විසින් සිදුකළ පරීක්ෂණ විමර්ශනයක දී මෙම තත්ත්වය හෙළි වී ඇතැයි ඔහු විසින් පැවසූ බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය. යුද අපරාධ චෝදනා මෙන්ම මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවන්ද බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී ඇති බවද ගෝටාභය රාජපක්ෂ මහතා පැවසූ බවද හෙතෙම කියා සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *