Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයේ (63rd General Assembly) නිල සමාරම්භක උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ කොළඹදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ආසියා-පැසිෆික් විකාශන සංගමය හා අනුබද්ධ ලොව රටවල් 66ක් නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ විද්‍යුත් මාධ්‍ය ආයතන 225ක ඉහළ පෙළේ නියෝජිතයෝ විශාල පිරිසක් මෙවර කොළඹ සමුළුව සඳහා එක්ව සිටිති.

කලාපීය මාධ්‍ය ක්ෂේත්‍රයේ ශීඝ්‍රයෙන් සිදුවන තාක්ෂණික දියුණුව, ක්‍රීඩා විකාශන සහ නවීන මාධ්‍ය අන්තර්ගතයන් (Media content) නිර්මාණය කිරීම මෙන්ම, මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතය සහ සයිබර් ආරක්ෂාව (Cyber security) වැනි වත්මන් ගෝලීය අභියෝග රැසක් පිළිබඳව මෙම සමුළුවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහ තාක්ෂණික කමිටුවල මූලික සැසිවාර කිහිපයක්ම පසුගිය ඔක්තෝබර් 30 සහ 31 යන දිනයන්හිදීද පවත්වන ලදී.

ජනපතිට විශේෂ සමරු තිළිණයක්
මෙම සමාරම්භක උත්සවයට සහභාගී වීම සනිටුහන් කරමින් ආසියා-පැසිෆික් විකාශන සංගමයේ බලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම දේශීය හා විදේශීය මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *