Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අසිරිමත් නත්තල උදාවෙයි

අසිරිමත් නත්තල උදාවෙයි

කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණි.

බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වයි.

නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරු දෙවි මැදුරුවල ද දේව මෙහෙයන් පැවැත්වුණි.

මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පෙ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී පැවැත්වුණි.

සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලුදෙනා වගබලා ගත යුතු බවය.

මේ අතර නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයක් වන බැවින් එකී බලාපොරොත්තු අලුත් කිරිම සඳහා සියලුදෙනා සිය වගකීම් සහ යුතුකම් ඉටුකිරීමෙන් රට තුළ නව බලාපොරොත්තු ඇතිකරවන නත්තලක් උදාවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නත්තල දින සැමරුම වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, අභියෝග රාශියක් තම කර මතට කඩාවැටුණු සමයක මෙවර නත්තල සමරන අතර රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනාගනිමින් තම වගකීම් ඉටුකිරීමට සියලුදෙනා එක්විය යුතු බවය.

ජේසුස් වහන්සේගේ දහම අනුව වෛරය හා කෘරත්වය පිටුදකිමින් ගැටුම් සමනය වන ආර්ථික වශයෙන් හා භවබෝගයෙන් සමෘද්ධිමත් වු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මෙවර නත්තල නව ආරම්භයක් කරගත යුතු බව නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල දින පණිඩුඩයෙන් පෙන්වාදී ඇත්තේ, ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව වසර කිහිපයක සිට වින්දිතයන් ලෙස පාස්කුව සහ නත්තල එකට ගෙන අත්විඳින තත්ත්වයට පත්ව ඇති බැවින් ප්‍රහාරයේ චුදිතයන් හඳුනාගෙන වින්දිතයන්ට සාධාරණයක් ඉටුකළ යුතු බවය.

මේ අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත් වේ.

එමෙන්ම කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ මෙවර නත්තල් සැමරුම් සිදුනොවීම සමස්ත ලෝකයේම අවධානයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම හේතුවෙන් ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකිරීමක් ලෙස ඔවුන් මෙවර එහි නත්තල් සැමරුම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *