Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය හතර ගුණයකින් ඉහළට

අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය හතර ගුණයකින් ඉහළට

අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා.

PCR පරීක්ෂණ 100ක් සිදුකළ විට එයින් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස අවුරුද්දට පෙර වාර්තා වු පසුබිමක පසුගිය 15 වන බ්‍රහස්පතින්දා දිනයේ දී සිදුකරන ලද පරීක්ෂණවලින් එම ප්‍රමාණය පුද්ගලයින් 10ක් ලෙසත්, සිකුරාදා දිනයේ දී පුද්ගලයින් 15ක් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ද වෛද්‍යවරයා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය රුවන් විජේමුණි මහතා,

“ඊයේ (19) දිනයේ දී පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ සියයට 8 දක්වා හතර ගුණයකින් වැඩිවෙලා තියෙනවා. මෙය පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක්.“

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *