පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
විශ්වවිද්‍යාලය විසින් සිසුන් වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විශ්වවිද්‍යාලයේ සියලුම අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
මේ අතර, සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පියවර කිහිපයක් ගෙන තිබේ.



