යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට ගෙන ඇති යෝජනාව සුදුසු නොවන බව ප්‍රධාන නිකායවල මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රාජීව් අමරසූරිය මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (අගෝස්තු 03) මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මෙම කාරණය සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීමට වත්මන් රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බව මම විශ්වාස කරනවා. මල්වතු පාර්ශ්වයේ, අස්ගිරි පාර්ශ්වයේ, රාමඤ්ඤ සහ අමරපුර පාර්ශ්වවල මහානායක හිමිවරුන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සුදුසු නොවන බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව මහානායක හිමියන් මීට සුළු වේලාවකට පෙර අපට දැනුම් දුන්නා,” යැයි අමරසූරිය මහතා පැවසීය.


