ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යමින් පවතින නඩු ගොනු ප්‍රමාණය කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත යෝජනාවක් නිල වශයෙන් භාර දී තිබේ.
අධිකරණ අමාත්‍යාංශයේ දත්ත අනුව මේ වන විට මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් විභාගයට ගැනීමට ඉතිරිව ඇති අතර, එම තත්ත්වය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දැඩි ප්‍රමාදයන්ට හේතු වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව මෙම යෝජනාවට ඊයේ අත්සන් තබා තිබේ.
විපක්ෂ නායකවරයා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (04) පාර්ලිමේන්තුවේදී අදාළ යෝජනාව කථානායකවරයා වෙත භාර දී ඇත.


