Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්
ප්‍රවෘත්ති

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට අපයෝජන චෝදනා?

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට අපයෝජන චෝදනා?

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලීසිය විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අනුරාධපුරයට ගොස් වැඩවාසය කරන විහාරස්ථානය වටලා තිබේ. සමාජය තුළ දැඩි කතාබහක් සහ සංවේගයක් නිර්මාණය කර ඇති අනුරාධපුර පුදබිම කේන්ද්‍ර කරගත් මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ අටමස්ථානාධිපති හිමියන් බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා යැයි කියන පුද්ගලයෙකු සමග රැඳී සිටියදී ප්‍රථමයෙන් මෙම දැරිය පොලිස් භාරයට ගෙන ඇත. එහිදී වින්දිත දැරිය පොලීසියට අනාවරණය කර ඇත්තේ සිය මව විසින් මුදල් ලබාගෙන ඊට හිලව්වක් වශයෙන් අදාළ විහාරාධිපතිවරයාට මෙන්ම තවත් ව්‍යාපාරිකයෙකුට ද තමාව අපයෝජනය කිරීම සඳහා ලබාදුන් බවයි. වරින් වර අවස්ථා කිහිපයකදීම අදාළ හිමියන් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතින් තමා අපයෝජනයට ලක්වූ බවට දැරිය කළ ප්‍රකාශය මත පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ අදාළ හිමිනමගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අපරාධය සිදුවූ බව කියන ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකළ බවයි. මේ වනවිට විද්‍යාත්මක සහ ස්ථානීය පරීක්ෂණ අවසන් කර වැඩිදුර සාක්ෂි රැස්කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ වාරවලදී කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත. එසේම, වින්දිත දැරියගේ ආරක්ෂාව සහ ඇයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක උපදේශනය ලබාදීම කෙරෙහි ද අදාළ අංශවල අවධානය යොමුව තිබේ.

මෙම බරපතළ සිදුවීම සම්බන්ධයෙන් රජයේ ඉහළම අවධානය යොමුව ඇති අතර, සමාජයේ මතුව ඇති දැඩි උනන්දුව පදනම් කරගනිමින් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් වහාම තමන් වෙත ලබාදෙන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *