පොලිසි

SSPගේ දුව ‘රෙෂානි මලිෂාට ‘ පොලිසියෙන්ම ඇප

Share this Article

රියැදුරු බපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා අනතුරක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය සහ එම වාහනයේ හිමිකරු ඊයේ (16 වැනිදා) කුරුඳුවත්ත පොලිසිය මගින් පොලිස් ඇපමත මුදාහැර තිබෙනවා.

මෙසේ මුදාහැර ඇත්තේ රෙෂානි මලිෂා රත්නායක සහ මොහොමඩ් සම්රාස් අහමඩ් යන දෙදෙනායි.

ඔවුන් ඊයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය මුලින් සඳහන් කර තිබුණේ.

සැකකාරිය විසින් පදවන ලද ජීප් රථය පෙරේදා (15 වැනිදා) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වාහන අලෙවිසලකට කඩාවැදී තිබු අතර මේ අවස්ථාවේදී අදාළ වාහනයේ හිමිකරුද එම ජීප් රථයේ සිට තිබෙනවා.

පවතින කෙරෝනා වසංගත තත්ත්වය හමුවේ සැකකරු හා සැකකාරිය මෙසේ පොලිස් ඇපමත මුදාහැර ඇති නමුත් ඉදිරි දිනකදී අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.


Share this Article

Leave a Reply

Your email address will not be published.