Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

SLTB යකඩ අපද්‍රව්‍ය ටෙන්ඩර් මගින් විකිණීමට කැබිනට් අනුමැතිය

SLTB යකඩ අපද්‍රව්‍ය ටෙන්ඩර් මගින් විකිණීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් යකඩ අපද්‍රව්‍ය (Scrap Metal) තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් අලෙවි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම වැඩසටහන සඳහා මූලික අනුමැතිය 2024 ඔක්තෝබර් 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදී තිබූ අතර, ජාතික ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියට අනුව ටෙන්ඩර් ඉල්ලුම්පත් 9ක් ලැබී තිබුණි.

එම ටෙන්ඩර් ඇගයීමෙන් අනතුරුව, ඉහළම මිල ගණන් ඉදිරිපත් කළ සුදුසුකම් සපුරා ඇති ආයතන වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කරන ලෙස උසස් ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර, කොන්ත්‍රාත් පහත පරිදි ප්‍රදානය කර ඇත.

සමාගමවටිනාකම (රු.)
M/s. Udaya Industries16,536,695.00
M/s. Ashok Steel Industries (Pvt) Ltd89,424,153.88
M/s. Kalana Tech Engineering1,691,210.00
M/s. S.R. Steel (Pvt) Ltd47,578,448.00
M/s. Ceylon Steel Casting (Pvt) Ltd1,225,500.00
M/s. IWW Steel Industries (Pvt) Ltd39,434,186.40
මුළු වටිනාකම195,890,193.28

මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් යකඩ අපද්‍රව්‍ය අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 195.89කට අධික ආදායමක් රජයට ලැබීමට නියමිතය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *