ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් යකඩ අපද්‍රව්‍ය (Scrap Metal) තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් අලෙවි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වැඩසටහන සඳහා මූලික අනුමැතිය 2024 ඔක්තෝබර් 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදී තිබූ අතර, ජාතික ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියට අනුව ටෙන්ඩර් ඉල්ලුම්පත් 9ක් ලැබී තිබුණි.
එම ටෙන්ඩර් ඇගයීමෙන් අනතුරුව, ඉහළම මිල ගණන් ඉදිරිපත් කළ සුදුසුකම් සපුරා ඇති ආයතන වෙත කොන්ත්‍රාත් ප්රදානය කරන ලෙස උසස් ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර තිබේ.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර, කොන්ත්‍රාත් පහත පරිදි ප්රදානය කර ඇත.
| සමාගම | වටිනාකම (රු.) |
|---|---|
| M/s. Udaya Industries | 16,536,695.00 |
| M/s. Ashok Steel Industries (Pvt) Ltd | 89,424,153.88 |
| M/s. Kalana Tech Engineering | 1,691,210.00 |
| M/s. S.R. Steel (Pvt) Ltd | 47,578,448.00 |
| M/s. Ceylon Steel Casting (Pvt) Ltd | 1,225,500.00 |
| M/s. IWW Steel Industries (Pvt) Ltd | 39,434,186.40 |
| මුළු වටිනාකම | 195,890,193.28 |
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් යකඩ අපද්‍රව්‍ය අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 195.89කට අධික ආදායමක් රජයට ලැබීමට නියමිතය.


