QR කෝටාවලට අනුකූල නොවීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවීමට පියවර…

ජාතික ඉන්ධන අවසරපත්‍ර QR කෝටාව අඛණ්ඩව පිළිපැදිය නොහැකි ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර බ්‍රහස්පතින්දා (06) ප්‍රකාශ කළේය.

අමාත්‍ය විජේසේකර මහතා පැවසුවේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) කළමනාකාරීත්වය සහ නිලධාරීන් සමඟ අද පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම සියලුම ඉන්ධන පිරවුම්හල්වල තොග ටැංකි ධාරිතාවෙන් 50%ක් වත් පවත්වා ගත යුතු බවට ද තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අප්‍රේල් 15 වනදා වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සියලුම ඉන්ධන ටැංකි සඳහා ජීපීඑස් ට්‍රැකින් පද්ධති සවි කර ඉන් අනතුරුව සියලුම පෞද්ගලික ටැංකි සඳහාද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *