OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්

“ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා ඊයේ (03)නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශනය ඒකකය කළ ඉල්ලීමක් අනුව නිකුත් කළ මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයාට යොමු කෙරිණි.

සීදූව, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර රන්න, අගුණුකොළ පැලැස්ස හා රත්ගම පදිංචි හය දෙනෙකුට මෙම තහනම පැනවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *