NTC අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අත්හිටුවීමට සැරසෙයි.

ශ්‍රී ලංකාවේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව 2023 මැයි මාසයෙන් පසු ක්‍රියාත්මක කිරීමෙන් ඉවත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරයි.

NTC හි සභාපති නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළේ අර්ධ සුඛෝපබෝගී බස් සේවාව සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ නියමයන් යටතේ NTC ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඔහු අර්ධ සුඛෝපභෝගී බස් සේවාව සාමාන්‍ය සේවාවක් බවට පත් කිරීමට හෝ සුඛෝපභෝගී බස් සේවාවක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව පැවසීය.

“අර්ධ සුඛෝපභෝගී බස් රථ හිමියන්ට තම බස් රථ සාමාන්‍ය බස් රථයක් හෝ සුඛෝපභෝගී බස් රථයක් බවට පත් කරන ලෙස දන්වා ඇත. සේවා පරිවර්තනය සඳහා අයිතිකරුවන්ගෙන් අය නොකෙරේ. එය නොමිලයේ කෙරෙනවා” නිලාන් මිරැන්ඩා පැවසීය.

දැනට ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස්රථ 430ක් අතරින් බස් රථ 20ක හිමිකරුවන් පරිවර්තනය කිරීම සඳහා ඉල්ලීමක් කර ඇති අතර එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද NTC සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අර්ධ සුඛෝපබෝගී බස් රථ සාමාන්‍ය සේවා හෝ සුඛෝපභෝගී සේවාවක් බවට පත් කිරීමට කැමති සියලුම බස් හිමියන්ට 2023 මැයි 31 ට පෙර අවශ්‍ය පරිවර්තනය සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *