MCC, SOFA ගිවිසුම් ගැන කටයුතු කලේ ගිය ආණ්ඩුව, ඒ දවස්වල සජිත් නිශ්ශබ්දව හිටියා – වීරකුමාර

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමත් සෝපා (SOFA) ගිවිසුමත් අහෝසි කිරීම වෙනුවෙන් මහ පාරට බසින බවට විපක්‍ෂ නායකවරයා දැන් සඳහන් කළත්, මෙම ගිවිසුම පිළිබඳව උනන්දුවෙන් කටයුතු කළේ පසුගිය ආණ්ඩුව බවත් එම කාලයේදී මේ පිළිබඳව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කරයි.

එම කාලයේදී මේ පිළිබඳව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා නොකළ බවත් මෙම ගිවිසුම අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙම ගිවිසුම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ බවත් මෙම ගිවිසුම අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත් පසුගිය ආණ්ඩු සමයේදී ගෙන ආ මෙම ගිවිසුම අහෝසි කිරීමට යම්කාලසීමාවක් ගතවන බවත් ඔහු කියා සිටියේය.

මෙම ගිවිසුම් අහෝසි කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාට කතා කිරීමට තිබුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී බවත් එසේ නොකර පරස් පර අදහස් දැක්වීම නොගැළපෙන බවද ඊයේ (22 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *