ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ (27) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සළකා බැලීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාවේ අනුව මෙම තීරණය ගෙන තිබේ. කොළඹ අද(28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.