Matrix චිත්‍රපට මාලාවේ අලුත්ම සිනමාපටයෙන් පිළිබිඹුවන මොළය වෙත කෘතිමව දත්ත ඇතුළු කිරීම

සුපිරි නළු Keanu Reeves රඟපාන 2021 වසරේ එළිදැක්වීමට නියමිත Fantasy සහ Sci-fi Genresවලට අයිති වන The Matrix, Matrix Reloaded, Matrix Revolutions නම් අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය නිසාය.

The Matrix පළමු චිත්‍රපටය, එහි ප්‍රධාන චරිතය වන Neoගේ මොළය යම් පරිගණක යන්ත්‍රයක් වෙත විවිධ සම්බන්ධ කර මෘදුකාංගයක් ඔස්සේ training programmes ගණනාවක් ඔහුගේ මොළය වෙත ඇතුළත් කෙරිණි. 1999 වසරේ තිරගත වූ මේ චිත්‍රපටයේ අඩංගු මොළය වෙත දත්ත ඇතුළත් කිරීමේ සංකල්පය අද වනවිට සැබෑවක් බවට පත් වී තිබීම විශ්මය ජනකය.

පර්යේෂකයන්ට අනුව පුද්ගල මොළය වෙත දැනුම පෝෂණය කිරීම ඉතාම පහසු කටයුත්තක් වන අතර, මේ වෙද්දීත් මොළය වෙත දැනුම ඇතුළත් කළ හැකි simulator එකක් නිර්මාණය කරමින් තිබෙන බව වාර්තා වෙනවා. මේ හරහා ඉතාම කෙටි කාලයක් තුළ පුද්ගලයින් වෙත යම් කුසලතාවයක් පුරුදු කිරීමට හැකියාව තිබෙන බව ඔවුන් telegraph.co.uk වෙත සඳහන් කර තිබිණි. මේ simulator එක Matrix චිත්‍රපටයේ මොළය වෙත දැනුම පෝෂණය කරන යන්ත්‍රය සහ මෘදුකාංගය වැනි උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් සහ යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ පළමු පියවර බවට පත් වනු ඇතැ යි ඔවුහු විශ්වාස කරති.

https://variety.com/2019/film/news/matrix-4-keanu-reeves-carrie-anne-moss-lana-wachowski-1203307955/?jwsource=cl

චිත්‍රපටයේ Neo වෙත kung fu වැනි සටන් කලාවන් ඉගෙන ගන්නට ගත වුණේ තත්පර කිහිපයක් පමණයි. සාමාන්‍යයයෙන් එවනි සටන් කලාවක් ඉගෙන ගන්නට වසර ගණනාවක පුහුණුවක් වගේම කැපවීමක් අත්‍යවශ්‍ය යි. කැලිෆෝනියාවේ පිහිටි HRL Laboratories පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ simulator එක ඔස්සේ පුද්ගලයන්ගේ ඉගැනුම් හැකියාවන් පුළුල් කිරීමට හැකි බව අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන් පවසන අන්දමට එය චිත්‍රපටයේ සංකල්පය තරම් තවමත් දියුණු මට්ටමක නැති අතර, මෙය හුදෙක් පළමු පියවරක් බව ඔවුන් සඳහන් කරයි. ඔවුන් මේ ක්‍රමවේදය අත්හදා බැලීම සඳහා පුහුණුව ලැබූ ගුවන් නියමුවන් යොදාගෙන පර්යේෂණයක් සිදුකර තිබෙනවා. (මිනිස් මොළයේ දත්ත ගලාගෙන යාමට උපකාරී වන විද්‍යුත් සංඥාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමක් මෙහි දී සිදුව තිබෙනවා.) පුහුණුව ලැබූ ගුවන් නියමුවන් කිහිපදෙනෙකු පර්යේෂණ ආයතන තුළ ඇති realistic flight simulator එකක් වෙත යොමු කර, ඔවුන් එහි අතත්‍ය ගුවන් යානය පාලනය කිරීමේ දී ඔවුන්ගේ මොළය තුළ සංඥාවන් ගලා යන ආකාරය නිරීක්ෂණය කර, ඒ හා සමාන විද්‍යුත් සංඥාවන් වෙන වෙනම ඔවුන් තරම් පුහුණුවක් නොලැබූ ආධුනික කිහිපදෙනෙක්ගේ මොළය වෙත කෘත්‍රීම ව ලබාදෙමින් සම්පුර්ණ පර්යේෂණය සිදුකර තිබෙනවා. ආධුනික ගුවන් නියමුවන්ගේ පියාසර හැකියාවන් 33% පමණ ඉහළ දැමීමට මේ හරහා ඔවුන්ට හැකි වී තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් HRL හි පර්යේෂකයන් සඳහන් කරන්නේ දැනට මෙවැනි simulator මඟින් පුද්ගල මනසේ ඉගැනුම් ක්‍රියාවලිය වෙත Boost එකක් පමණක් ලබාදිය හැකි බව යි.

වැඩිදුරටත් Dr. Matthew Phillips සඳහන් කරන්නේ ඔවුන්ගේ මේ simulator එක සාර්ථකව මොළය වෙත උත්තේජන සපයන පළමු යන්ත්‍රය බව යි. මේ ක්‍රමවේදය ඔස්සේ අනාගතයේ රිය පැදවීම වැනි ක්‍රියාවලි ඉතා ඉක්මනින් පුහුණු කරවීමට හැකියාව ලැබෙනු ඇතැ යි ඔහු විශ්වාස කරනවා. ඔවුන් මේ කරගෙන යන පර්යේෂණය වර්තමාන සමාජය වෙත අලුත් එකක් වුවත්, මෙහි මූලික සංකල්පයන් වසර 4000ක් තරම් අතීතයට දිවයන බව යි ඔහු සඳහන් කරන්නේ. පුරාණ ඊජිප්තුවේ විද්‍යුතය නිපදවන මාළුන් යොදාගෙන විවිධාකාර වේදනාවන් සමනය කිරීමේ ක්‍රමවේදයන් පැවතුණු බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව මෙම විශිෂ්ට තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ නිර්මාණය කෙරුණු Matrix චිත්‍රපට මාලාවේ නවතම සිනමා අත්දැකීම 2021 වසරේදී ඔබටත් නැරඹිය හැකිවනු ඇත. (තොරතුරු හා මූලාශ්‍ර – Roar media ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *