ශ්‍රි ලංකාවේ සුපිරි පිතිකරුවෙකු වූ සනත් ජයසූරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකය මගින් පනවා තිබූ ක්‍රිකට් තරඟවලට කටයුතු කිරීමට අදාළ වසර 2 ක තහනම අද (03) දිනයේ අවසන් වී තිබේ.
සනත් ජයසූරිය මහතා පවසා සිටින්නේ මේ පිළිබඳව අයි සී සී දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා නිල වශයෙන් තමාට දැනුම් දුන් බවයි.
ඒ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.