FCIDයේ සියලුම පැමිණිලි CIDය වෙත

නීත්‍යනුකූල ආයතනයක් නොවන බැවින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) අහෝසි කිරීමට තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කරනු ලබන්නේ නීත්‍යනුකූල ආයතන පමණක් බැවින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී තිබෙන පැමිණිලි සියල්ල පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරන බවත් පවසා සිටියේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු සිදුකළේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් තීරණය කළ ආකාරයට නඩු පැවරීම බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *