සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම් දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්ථා වේ.
මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන ස්ථිර සේවක සංඛ්‍යාව මිලියන 2.6ක් පමණ වන අතර දැනට පවතින ක්‍රමවේදය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායක මුදල් ගිණුම්ගත වී ඇත්ද යන්න දැනගැනීම සඳහා මාස 06-12 අතර කාලයක් ගතවීම හේතුවෙන් දායක මුදල් ගිණුම්ගත වීම සම්බන්ධ ගැටලු රාශියකට සාමාජිකයින් නිරන්තරයෙන් මුහුණ පැමට සිදුවන බව ලද පැමිණිළි සැලකිල්ලට ගනිමින් එම අරමුදලේ සාමාජිකයින්හට තම මාසික දායක මුදල් සිය ගිණුමට බැර වී ඇති බවට මාසිකව ඔවුන්ටම සනාථ කර ගැනීමට හැකි වන පරිදි ගිණුම්ගත වූ සැණින් සාමාජිකයා විසින් නම් කරනු ලබන ජංගම දුරකතන අංකයකට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමේ සේවාවක් ආරම්භ කිරීම පිණිස නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.