“Disrupt Asia 2026” ජාතික තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka (Pvt) Ltd එක්ව “Disrupt Asia 2026” නමින් ජාතික මට්ටමේ තාක්ෂණ සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දින දෙකක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනට ආරම්භක ව්‍යාපාර ප්‍රදර්ශනයක්, විවිධ තේමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගත වීමේ උළෙලක් සහ තවත් සමාන්තර වැඩසටහන් රැසක් ඇතුළත් වේ.

අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යයන ආයතන, සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු පුළුල් පාර්ශ්වකරුවන් පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

මෙම සමුළුව සංවිධානය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා කාර්යාලය සූදානම් බව තහවුරු කර තිබේ.

UNDP හි සහභාගීත්වය හේතුවෙන් “Disrupt Asia 2026” උළෙලට සැලකිය යුතු ජාත්‍යන්තර අවධානයක් සහ සහායක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද “Disrupt Asia 2026” පැවැත්වීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් විධිමත් අනුමැතිය ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *