COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1,182 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,182 ඉක්මවා තිබේ.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි රුපියල් ලක්ෂයක්, පිළියන්දල හැඩිගම, ශ්‍රි සුදර්ශණාරාමයාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාකියාදෙණියේ පේමරතන හිමි රුපියල් ලක්ෂයක්, පිළියන්දල, වෑවල, උද්යෝගිපුර, ශ්‍රි විජයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය වේපතඉර හේමාලෝක නා හිමි රුපියල් ලක්ෂයක්, නිවිතිගල ශාසනාරක්ෂක බල මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් 140,000ක් පූජ්‍ය කෝංපිටියේ සුසීල හිමි අරමුදලට පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත් උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

Siam City Cement (Lanka) ltd ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් සහ පානදුර ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභා අරමුදලින් හා මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් ලබාදුන් රුපියල් 785,000ට අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

NSBM ( National School of Business Management) ආයතනය රුපියල් මිලියන 10ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙන අතර අදාළ චෙක්පත ජනාධිපතිතුමාට පිළිගැන්වීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහපේරුම යන මහත්වරු ද එක්ව සිටියහ.

තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල පරිත්‍යාග සමග රුපියල් මිලියන 20 ක්, ශ්‍රී ලංකා පදනම කාර්ය මණ්ඩල පරිත්‍යාග සමග රුපියල් 227,453ක් අරමුදලට පිරිනමා තිබෙන අතර අදාළ චෙක්පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය රුපියල් 132,743ක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය රුපියල් 1,832,535ක්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 1,589,189ක් , ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය රුපියල් 746,888ක්, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 410,757ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙන අතර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් අදාළ චෙක්පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

වෙල්පල්ල, රද්දලාන – නාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය බිබිලදෙණියේ ධම්මප්පිය හිමි රුපියල් ලක්ෂයක්, South Asia Gateway Terminals පෞද්ගලික ආයතනය රුපියල් 2,225,982ක්, මාවනැල්ල Ceylon Experts Recruitment @ Travel රුපියල් ලක්ෂයක්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිවරුන්ගේ ආයතනය රුපියල් මිලියනයක් ද, Spin Riders ආයතනය රුපියල් 105,000ක්, කොළඹ 08, Aban Pestonjee මහත්මිය රුපියල් ලක්ෂයක පෞද්ගලික පරිත්‍යාගයක් සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය රුපියල් 250,000ක් අරමුදලට පාරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,182,013,690.09 කි. දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *