රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීමේ නව ඩිජිටල් ක්‍රමවේදයක් අද (24) සිට හඳුන්වාදෙන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පවසයි.
නව ක්‍රමවේදය යටතේ වෛද්‍ය පරීක්ෂණ සඳහා වේලාවක් වෙන්කර ගැනීමට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ අයදුම්කරුවන්ට හැකියාව ලැබේ.
මෙලෙස වෛද්‍ය පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන අතර, එම සේවාව නොමිලේ ලබාදීමට කටයුතු කර තිබේ.
මෙම නව ක්‍රමවේදය මගින් රියදුරු බලපත්‍ර අයදුම්කරුවන්ට වෛද්‍ය සහතික ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරමින්, වෛද්‍ය පරීක්ෂණ සඳහා වේලාවන් වෙන්කර ගැනීම පහසු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් වේ.


