ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරමින් ධාවනය කරන බවට හඳුනාගන්නා බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබේ.
කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ පරීක්ෂාවකදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම පරීක්ෂාවේදී බස් රථවල ධාවනයට සුදුසු තත්ත්වය සහ වාහන විමෝචන තත්ත්වය පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කළ බස් රථ 59කින් බස් රථ 39ක් සඳහා නඩත්තු කටයුතු සිදුකරන ලෙස නියෝග නිකුත් කර ඇති බව නිලධාරීහු සඳහන් කළහ.
දිවා කාලයේ ධාවනය නොකරන සහ ඒ හේතුවෙන් සාමාන්‍ය පරීක්ෂාවලින් මඟහැරී යන බස් රථ ඉලක්ක කර මෙම විශේෂ රාත්‍රී පරීක්ෂාව සිදුකර තිබේ.
මේ අතර, කිලිනොච්චි ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල ධාවනයට සුදුසු තත්ත්වය පරීක්ෂා කිරීම සඳහාද වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන මගින්වි ශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ධාවනයට නුසුදුසු බස් රථ හඳුනාගැනීම මෙම විශේෂ පරීක්ෂණවල අරමුණ බවත්, මගී ආරක්ෂාව තහවුරු කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කර ඇති බවත් නිලධාරීහු පැවසූහ.


